ANZ බැංකු online පද්ධතියේ දෝෂයක් හේතුවෙන් ගණුදෙනු සිදුකිරීමේදී බාධා

ANZ බැංකු online පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් පාරිභෝගිකයන්ට ගණුදෙනු සිදුකිරීමේදී බාධා එල්ල වී ඇත.

Online ගෙවීම් සිදුකිරීමට මෙන්ම අන්තර්ජාල බැංකුකරණ කටයුතු සඳහා අසීරුතා මතුව ඇති බවයි ගණුදෙනුකරුවන් පවසා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් සොයාබලමින් ඇතැයි ANZ බැංකුව ට්විටර් සටහනක් තබමින් සඳහන් කලේය.

https://twitter.com/ANZ_AU/status/1445952853034483715?s=20

විශේෂයෙන් සුපිරි වෙළඳසැල්වල ගණුදෙනු සඳහා පැමිණි පාරිභෝගිකයන් විශාල පිරිසක් මෙමගින් පීඩාවන්ට පත්ව ඇති බව සඳහන්.

PIC – 9NEWS

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »