නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය Aishwarya Aswath දැරියගේ දෙමව්පියන් නඩු මගට

පසුගිය අප්‍රේල් මාසයේදී Perth Children’s Hospital හිදී මියගිය 07 හැවිරිදි දැරිය වන Aishwarya Aswath ගේ දෙමව්පියන් විසින් බටහිර ඔස්ටේ්‍රලියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර තිබේ.

උණ රෝගයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය මෙම දැරිය පැය 02 ක් පුරා නිසි ප්‍රතිකාර නොලැබ මරණයට පත්වූ බවටයි දෙමව්පියන් චෝදනා කර සිටින්නේ.

මූලික විමර්ශනයකදී හෙළීවූයේ රෝහල් කාර්ය මණ්ඩලය නිසි අවධානයක් නොදක්වා තිබූ බවටයි.

Aishwarya Aswath ගේ පියා වන Aswath Chavittupara පවසන්නේ මීට පෙර කවරෙකු හෝ මෙවැනි නීතිමය පියවරක් ගෙන තිබුණේ නම් තම දැරිය අදටත් ජීවතුන් අතර සිටින බවයි.

එමෙන්ම Aishwarya Aswath වෙනුවෙන් පිහිටුවන ලද ආධාර අරමුදලට ලැබෙන මුදල් යොදවා රෝහලක් ඉදි කිරීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කලේය.

source : https://www.9news.com.au/national/wa-news-aishwarya-aswaths-family-set-to-sue-was-health-department/7ebc67cd-a603-4ca9-979c-8bac984f8bcd?ocid=Social-9News

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »