අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා ඉවතට

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවා තිබූ මූල්‍ය තැන්පතු සීමා වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට තීරණය වී තිබෙනවා.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කලේ මෙම සීමා ඉවත් කිරීමත් සමග ව්‍යාපාරිකයන් සහ ආනයනකරුවන් දැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවයි.

ඉදිරි මාස 06 සඳහා වන ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික සැලැස්ම අද නිල වශයෙන් එළිදැක්වුණා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ගේ ප්‍රධානත්වයෙන්.

ඉදිරි මාස හය තුළ සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායිතාවය සහතික කිරීම ඉලක්ක කරගනිමින් නව ආර්ථික සැලැස්ම සම්පාදනය කර ඇති බවයි මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියාසිටියේ.

රටේ සියලූ ප්‍රධාන අංශ ආවරණය කරමින් මෙම සය මාසික සැලැස්ම කර ඇති බවද අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කලා.

ආර්ථිකය මුහුණ පෑ දැඩි ඩොලර් සංචිත හිගය හමුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 623ක් සඳහා දැඩි ආනයන සීමා පැනවුනේ මීට සති දෙකකට ඉහතදීයි.

කෙසේවෙතත් මේ වනවිට ශ්‍රී ලංකාව සතු විදේශ සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 05 ක් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »