ට්‍රක් රියදුරන් පිරිසක් Tullamarine Freeway හි සෙමින් ගමන් කිරීමේ විරෝධතාවයක

ට්‍රක් රථ රියදුරන් පිරිසක් විසින් Tullamarine Freeway හි සෙමින් ගමන් කිරීමේ විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

ඒ වික්ටෝරියා ප්‍රාන්තය Lockdown කිරීමෙන් මුදා හරින ලෙස ඉල්ලමිනුයි.

ට්‍රක්රථ 08 ක් පමණ පැයට කිලෝමීටර් 20 ක් වැනි අඩු වේගයකින් මෙලෙස ධාවනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

එක් රථයක “Free Victoria” ලෙස සටහන් කර තිබිණ.

වික්ටෝරියා පොලිසිය මැදිහත්ව වහා ට්‍රක් රථ මාර්ගයේ එක් මංතීරුවකට යොමු කර ඇති නමුත් Moreland Road ආශ්‍රිතව තරමක රථ වාහන තදබදයක් පවතින බව සඳහන්.

මෙම රියදුරන්ට දඩ පත්‍රිකා 15 ක් නිකුත් කර ඇත.

 

Pic – 7News

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »