දේශ සීමා අරින්න දින 100 කටත් අඩු කාලයක් – ගුවන් සේවා හා සංචාරක ආයතන ලහිලහියේ වැඩ අරඹයි

වසර අවසානයේ දී ඔස්ටේ්‍රලියාවේ දේශ සීමා නැවත විවෘත කිරීමේ සූදානමත් සමග සංචාරක හා ගුවන් ගමන් ක්ෂේත්‍රවල නැවත පිබිදීමක් සිදුවනු ඇති බවට අනාවැකි පළවෙයි.

නත්තල් නිවාඩුවට දින 100 කටත් අඩු කාලයක් පවතින බැවින් වසර 02 කට පසු සිය නත්තල් නිවාඩු සැළසුම් නැවතත් ක්‍රියාත්මක කිරීමට ගුවන් මගීන්ටද අවස්ථාව උදාවේ.

බොහෝ ගුවන් යානා සහ සංචාරක නියෝජිත ආයතන මේ වනවිටත් ලහි ලහියේ සිය මූලික කටයුතු ආරම්භ කර ඇති අතර බොහෝ ගමනාන්තවල ගුවන් ගමන් ගාස්තුද කැපී පෙනෙන ලෙස අඩු කර තිබේ.

Pic – 7news

එමෙන්ම දේශ සීමා විවෘත කල වහා ක්වන්ටාස් ගුවන් සේවයද ලොස් ඇන්ජලීස් – සිංගප්පූරුව – ලන්ඩන් – ටෝකියෝ – ෆිජී සහ නවසීලන්තය යන රටවල් හා නගර වෙත ගුවන් ගමන් අරඹන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්.

කෙසේවෙතත් ආරම්භයේදී පූර්ණව මගී ධාරිතාවයක් අපේක්ෂා නොකෙරෙන අතර කොවිඩ් වසංගතය ආරම්භයට පෙර පැවති තත්වයට පත්වීමට ලබන වසරේ මැද භාගය පමණ වනු ඇති බවට අනාවැකි පළවේ.

ගුවන් ටිකට්පත් මිළයට ගැනීමේදී ගුවන් මගීන් අවධානය යොමුකල යුතු කරුණු 04 ක් පිළිබඳවද දැනුම්දීමක් සිදුකෙරේ.

ඇතැම්විට ගුවන් ගමන් අවලංගු කල හැකි බැවින් මුදල් නැවත ලබාගැනීම (Refund) ගත හැකි ද යන්න විමසා බැලීම ඉන් ප්‍රධාන කරුණක් වනවා.

ඊට අමතරව Travel Insurance එකක් ලබාගැනීමද අවධානය යොමුකල යුතු කරුණක් බවයි ගුවන් හා සංචාරක නියෝජිත ආයතන දන්වා සිටින්නේ.

Pic – 7news

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »