‘Miss Teen International Botswana 2021’ කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වුවාය.
එම තරඟය ඊයේ (19) පැවැත්වුණි.
ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ” දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එම තරඟයට එක්වී තිබුණි.
ගිම්හානි ගේ පියා, ඉන්දික පෙරේරා පැවසුවේ මූලික වටය සඳහා තරුණියන් 42ක් ඉදිරිපත්ව සිටි බවත් ඉන් අවසන් වටය සඳහා 14 දෙනෙකු තේරුණු බවත් ය.
ඒ අනුව බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බව 17 හැවිරිදි ගිම්හානි සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පැවසුවාය.
ඇය පැවසුවේ, “මගේ අභිප්‍රාය එම කිරුළ ජයගැනීමයි,” යනුවෙනි.