මෙල්බර්න් Lockdown කාල සීමාවේදී tow කරන ලද මෝටර් රථ සංඛ්‍යාව ඉහළට

මෙල්බර්න් නගරයේ Lockdown පවතින කාල සීමාවේදී මාර්ගවලින් ඉවත් කරන ලද (tow) මෝටර් රථ සංඛ්‍යාව, Lockdown නොමැති කාල සීමාවේදී ඉවත් කරන ලද මෝටර් රථ ගණනට වඩා ඉහළ අගයක් ගෙන තිබේ.

Lockdown තත්වය හමුවේ වුවද නගරයේ රථවාහන ප්‍රමාණය අඩුවී ඇත්තේ සියයට 40 කින් පමණක් බවයි සංඛ්‍යාලේඛණ පෙන්වා දෙන්නේ.

පසුගිය ජනවාරියේදී වාහන 1371 ක් tow yards වෙත ගෙනගොස් තිබූ අතර ජූනි මාසයේදී එය 1445 ක් දක්වා ඉහළගොස් තිබිණ.

කෙසේවෙතත් මෙල්බර්න් හි 05 වන හා 06 වන Lockdown තත්වයන්ට අදාළ ජූලි මාසයේ වාහන 1593 ක්ද අගෝස්තුවේ වාහන 1646 ක්ද tow yards වෙත රැගෙන ගොස් තිබේ.

මෙහිදී එක් රියදුරෙකු වෙනුවෙන් පැණවෙන දඩය ඩොලර් 526 කි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »