ක්වන්ටාස් පිටරට ගමනාන්ත කිහිපයකට Online booking විවෘත කරයි

වසර 02 කට පසු ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීමට ක්වන්ටාස් ගුවන් සේවය පියවර ගෙන තිබේ.

ඒ අනුව ලන්ඩන් – සිංගප්පූරුව සහ වැන්කුවර් දක්වා ගුවන් ගමන් වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ප්‍රවේශපත්‍ර වෙන් කිරීම මේ වනවිටත් ආරම්භ කර ඇත.

දෙසැම්බර් 18 වනදා සිට එම ගුවන් ගමන් ඇරඹේ.

ඊට පසු දිනවල සිට ලොස් ඇන්ජලීස් – ටෝකියෝ – හවායි සහ ෆිජී දක්වාද ගුවන් ගමන් ආරම්භ කරන බව ක්වන්ටාස් ගුවන් සේවය නිවේදනය කරයි.

මෙල්බර්න් – සිඩ්නි හා බ්‍රිස්බන් සිට මෙම ගුවන් වාර ක්‍රියාවට නැංවෙනු ඇත.

නවසීලන්තය මෙම කාලසටහනට තවමත් ඇතුළත් කර නොමැති අතර බොහෝ දුරට දෙසැම්බර් 18 වනදාට පෙර එරට සමග ගුවන් ගමන් ආරම්භ කිරීමද ක්වන්ටාස් හි සැළසුමක් වී තිබේ.

ඇඩිලේඩ් යන දුම්රියේදී කළ වැඩක් නිසා පුද්ගලයෙකුට මාස 3ක් පොදු ප්‍රවාහනය තහනම් වෙයි

ඇඩිලේඩ් බලා යන දුම්රියේදී කාන්තාවන් හතර දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වී තිබෙනවා.

Read More »

එක්සත් ජාතීන්ගේ වාර්තාවක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය පසුගියදා නිකුත් කළ වාර්තාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »