ලංකාවට හා ඔස්ටේ්‍රලියාවට ඇති පොදු ගැටලුවක් ගැන මහ කොමසාරිස් කියයි

සාර්ථක එන්නත්කරණය හා නිසිලෙස කොවිඩ් පාලනය කරමින් තිබියදී සිදු කෙරෙන අසත්‍ය ප්‍රචාර එම වැඩපිළිවෙලට බාධාවක් බව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්  ඩේවිඩ් හෝලි (David Holly) පවසයි.

මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ මෙන්ම ඕස්ට්‍රේලියාවේද පවතින බවත් එවැනි තත්ත්වයන් හේතුවෙන් ගෝලීය ව්‍යසනයට මුහුණ දීමේදී යම් යම් බධාවන් එල්ල වන බවත් මහ කොමසාරිස් වරයා කීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සමඟ එම අමාත්‍යාංශයේදී පැවති හමුවකදී හෙතෙම මේ බව කීය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙරට ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා සුබ පැතුම් එක් කරනු ලැබීය.

එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදු කෙරෙන බවත් එයට ප්‍රසාදය පිරිනැමෙන බවත් මහ කොමසාරිස්වරයා මෙහිදී කීය.

විශේෂයෙන් එන්නත්කරණය උපරිමයෙන් සිදු කෙරෙන අතර කොවිඩ් පාලනයට ගන්නා උත්සාහය අගය කෙරෙන බවද හෙතෙම කීය.

මේ වන විට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 11 ක පමණ ආධාර කොවිඩ් පාලන ක්‍රියාවලිය වෙනුවෙන් මෙරටට ලබා දී ඇතැයිද හෙතෙම පැවසීය.

මේ අතර ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවයට මෙම වසරට වසර 75 ක් පිරීම නිමිත්තෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාට මහ කොමසාරිස්වරයා විසින් සමරු තිළීණයක්ද පිරිනැමීය.

මෙරට මේ වන විට සිදු කරමින් පවතින එන්නත්කරණ ක්‍රියාවලිය හා කොවිඩ් පාලනය වෙනුවෙන් ලැබෙන ජාත්‍යන්තර සහයෝගය දැඩිව අගය කරන බවත් ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ සහය තවදුරටත් අපේක්ෂා කරන බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

එන්නත්කරණය හා සමගාමීව මෙරට ආර්ථිකය ගොඩනැංවීම කෙරෙහි රජය මේ වන විට දැඩි අවධානය යොමුකර ඇතැයිද එනිසා ඉදිරියේදී පියවරෙන් පියවර රට විවෘත තරමින් ආරථිකය නගා සිටුවීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය රඹුක්වැල්ල මෙහිදී කීය.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »