NSW – ACT ප්‍රාන්තවල 12 ට වැඩි ළමුන්ට එන්නත දෙන හැටි ගැන විශේෂ දැනුම්දීමක්

අද පටන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වයස අවුරුදු 12 ත් 15 ත් අතරේ පසුවන දරුවන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් Pfizer  එන්නත ලබාගත හැකි අතර ලබන සතියේ සිට Moderna එන්නත ඔසුසැල්වල ඖෂධවේදීන්ගෙන් ලබාගත හැකිය.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොවිඩ් පරීක්ෂණ හරහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් අලුතින් කොවිඩ් ආසාදිතයින් 1,257 ක් හමුවී තිබේ.

ඊට අමතරව කොරෝනා මරණ 7 ක් ද වාර්තා වේ.

Greenacre, Auburn, Yagoona, Liverpool, Punchbowl, Guildford, Redfern, Bankstown, Condell Park and Busby යන උප නගරවලින් ආසාදිතයින් බහුතරයක් හමුවී ඇති බව සඳහන්.

ගතවූ පැය 24 තුළ ACT හි නව ආසාදිතයින් 13 ක් වාර්තා වී තිබේ.

සැප්තැම්බර් 20 වනදා සිට වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවන්ට Pfizer එන්නත ලබාගැනීම සඳහා ACT රජයේ එන්නත් සායනවලින් වේලාවක් වෙන් කරවාගත හැකිය.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »