මෙතෙක් එන්නත නොගත් වික්ටෝරියා ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම් දීමක්

මෙතෙක් කොවිඩ් එන්නත ලබාගෙන නොමැති ගර්භණී මව්වරුන්ට හැකි ඉක්මණින් ඒ සඳහා කටයුතු කරන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය බළධාරීන් දන්වා සිටිනවා.

හෙට එනම් ඉරිදා දිනය වනවිට සති 24 ක ගර්භණී කාලයක් සහිත කාන්තාවන්ට එන්නත ලබා ගැනීමට පහසුකම් සලසා ඇති බවයි අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කෙරුණේ.

එන්නත්කරණ මධ්‍යස්ථානයට පැමිණි පසු ඔවුන්ට ඒ සඳහා ප්‍රමුඛතාවය හිමිවන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ගැබිණි මව්වරුන් විශාල පිරිසක් එන්නත ලබා ගැනීමට බියෙන් පසුවන බවද එබැවින් ඔවුන් කොවිඩ් වෛරසයට ගොදුරුවීමේ ඉහළ අවධානමක් ඇති බවද මෙහිදී සඳහන් කෙරුණා.

මේ වනවිට අමෙරිකාවේ සහ බ්‍රිතාන්‍යයේ ගැබිණි මව්වරුන් ලක්ෂ 02 කට පමණ ෆයිසර් එන්නත දී ඇති අතර ඔවුන් කිසිවෙකුටත් අතුරු ආබාධයක් මතුවී නොමැති බවයි වික්ටෝරියා සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 450 ක් හමුව ඇත.

මේ අනුව මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,793 කි.

ඊයේ දිනයේදී (10) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 42,765 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 39,148 ක් ලබා දී තිබේ.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »