ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව, වනිඳු හසරංග එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර 17 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.

එක්දින පන්දු යවන්නන් අතර 32 වන ස්ථානයට ඔහු පත්වී තිබේ.

අකිල ධනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ රැදී සිටී.

දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත්වී ඇත.

අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ රැදී සිටින අතර චරිත් අසලංක 66 වන ස්ථානයටත්, ධනංජය ද සිල්වා 71 වන ස්ථානයටත් පැමිණ තිබේ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »