වික්ටෝරියා අඩුවෙන්ම එන්නත් දී ඇති ප්‍රදේශ අතුරින් Dandenong 02 වන තැනට

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළම සහ අඩුම එන්නත්කරණ ප්‍රතිශතයන් සහිත පළාත් පාලන බල ප්‍රදේශ (LGA) කවරේද යන්න නම් කර තිබේ.

අද වනවිට ප්‍රාන්තයේ පළමු එන්නත ගෙන ඇති ප්‍රතිශතය සියයට 62 කි.

මාත්‍රා 02 ම ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 38 ක් බවයි සංඛ්‍යාලේඛණ පවසන්නේ.

වික්ටෝරියා හි ඉහළම එන්නත්කරණ ප්‍රතිශතය සහිත බල ප්‍රදේශය වන්නේ Borough of Queenscliffe යි.

එහි පදිංචිකරුවන් 2600 ක් අතුරින් සියයට 91.8 ක් පළමු මාත්‍රාවද සියයට 71.8 ක් මාත්‍රා 02 ම ද ගෙන ඇත.

ප්‍රාන්තයේ සෙසු ඉහළම ප්‍රතිශතයන් සහිත ප්‍රදේශ මෙසේයි

  • Bayside at 75.2 per cent
  • Southern Grampians at 77.5 per cent
  • Surf Coast at 79.6 per cent
  • The Bass Coast at 74.1 per cent
  • Macedon Ranges at 73.8 per cent
  • Greater Geelong at 70.3 per cent

වික්ටෝරියා හි අඩුම ප්‍රතිශතයකින් එන්නත් ලබාදී ඇති ප්‍රදේශය වන්නේ Hume ය.

එහි පළමු මාත්‍රාව හෝ ගෙන ඇත්තේ සියයට 48.2 කි.

එමෙන්ම ඊයේ වාර්තාකල ආසාධිතයන් 246 දෙනාගෙන් 97 දෙනෙකුම පදිංචිව සිටින්නේද Hume ප්‍රදේශයේයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ අඩුවෙන්ම එන්නත් ලබාදී ඇති අනෙකුත් ප්‍රදේශ මෙසේයි.

  • Greater Dandenong at 49.8 per cent
  • Whittlesea at 49.8 per cent
  • City of Melbourne at 47.3 per cent
  • Moreland at 54.7 per cent
  • Melton at 53.7 per cent
  • Monash at 58.8 per cent
  • Casey at 54.3 per cent

Source : https://www.9news.com.au/national/coronavirus-victoria-lgas-with-best-vaccination-rates-borough-of-queenscliffe-has-best-hume-has-worst/31f25868-268b-405f-8656-ed076d5225f4

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »