Update: නවසීලන්තයේදී මියගිය IS සාමාජික ලාංකිකයා මීට පෙරත් අත්අඩංගුවේ ඉඳලා

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළඳ සැලක් තුළදී පුද්ගලයන් 06 දෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකල 32 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු නවසීලන්ත පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් සඳහන් කලේ මෙය අයි එස් සංවිධානයේ අන්තවාදී මත දැරීම හමුවේ සිදුව ඇති ත්‍රස්ත ක්‍රියාවක් බවයි.

සැකකරු වසර 10 ක සිට නවසීලන්තයේ වාසය කර ඇති බවද තහවුරු කරගෙන තිබෙනවා.

කෙසේවෙතත් ඔහුගේ අනන්‍යතාවය හෙළි කිරීම නවසීලන්ත බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

සැකකරු ප්‍රහාරය ආරම්භ කර තත්පර 60 ක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමට නවසීලන්ත පොලිසිය සමත්ව ඇති බවද අගමැතිනිය කියාසිටියා.

තුවාල ලැබූවන්ගේ තත්වය බරපතල බවයි එරට වාර්තාවල දැක්වෙන්නේ.

සැකකරු මීට ඉහතදී ද පිහි ප්‍රහාරයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුව මුදාහරිනු ලැබූවෙකු බව තහවුරු වී තිබෙනවා.

මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා විමර්ශන ආරම්භ කර ඇති බවයි නවසීලන්ත පොලිසිය සඳහන් කලේ.

2019 වසරේ මාර්තු 15 වනදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ මුස්ලිම් දේවස්ථාන 02 කට එල්ල වූ ප්‍රහාර මාලාවකින් පුද්ගලයන් 51 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »