මව්බිම රනින් – ලෝකඩින් සැරසූ විරුවන්ට ඇතෙක් බරට තෑගි

ජපානයේ ටෝකියෝ නුවරදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 5 ක් හෙවත් රුපියල් ලක්ෂ 500 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට තීරණය කර ඇත.

මෙම ක්‍රීඩා උළෙලේදීම හෙල්ල විසිකිරීමේ තවත් ඉසව්වකින් ලෝකඩ පදක්කමක් දිනූ සමිත දුලාන් කොඩිතුවක්කුට රුපියල් කෝටි දෙකක ත්‍යාගයක් පිරිනැමීමට ද තීරණය කර ඇත.

දිනේෂ් ප්‍රියන්තගේ පුහුණුකරු වන ප්‍රදීප් නිශාන්තට රුපියල් එක්කෝටි හැටපන් ලක්ෂයක (1,65,00,000) මුදල් ත්‍යාගයක්ද පිරිනැමීමට තීරණය කර ඇතැයි සඳහන්.

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »