Woolworths සේවකයන් 3300 කට වැඩි පිරිසක් හුදකලා කෙරේ

woolworths

Woolworths හි සේවකයන් 3300 කට වැඩි පිරිසක් හුදකලා තත්වයට පත් කර තිබේ.

වෙළඳ සැල් රැසක්ම කොවිඩ් අවධානම් ස්ථාන ලෙස නම් කර තිබීම හමුවේ සෞඛ්‍ය උපදෙස් මත මෙම පියවර ගත් බවයි එහි ප්‍රධාන විධායක නිළධාරී Brad Banducci විසින් පාරිභෝගිකයන් වෙත යවා ඇති ඊ-මේල් පණිවිඩයක දැක්වෙන්නේ.

කෙසේවෙතත් කිසිදු පාරිභෝගිකයෙකුට අපහසුතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කරන්නේ.

එහෙත් අවම සේවක සංඛ්‍යාවක් සිටීම හමුවේ කිසියම් ප්‍රමාදයක් ඇතිවිය හැකි බවද සේවාවල කිසියම් අඩාලවීමක් සිදුවිය හැකි බවද Banducci සඳහන් කරනවා.

ප්‍රධාන විධායක නිළධාරීවරයා පවසන්නේ මෙම සේවකයන් අතුරින් කිහිප දෙනෙකු හැර අනෙක් සියල්ලන්ම කොවිඩ් ආසාධිත නොවීම සතුටට කරුණක් බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »