නත්තල් වනවිට ප්‍රාන්ත සීමා විවෘත කරන්නේද නැතිද – තීන්දුව ප්‍රාන්ත අගමැතිවරුන්ට

නත්තල් සමය වනවිට ප්‍රාන්ත සීමා විවෘත කරන්නේද නැතිද යන තීන්දුව ප්‍රාන්ත අගමැතිවරුන්ට පැවරෙන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි.

පසුගියදා අගමැතිවරයා කියාසිටියේ දෙසැම්බර් වනවිට සියලු ප්‍රාන්ත සීමා විවෘත කල යුතු බවයි.

එහෙත් එම කාලය වනවිට ඇතැම් ප්‍රාන්තවලට සියයට 70-80 ක එන්නත්කණ ඉලක්කය ජය ගත නොහැකි බවටයි දැනට අනාවැකි පළවන්නේ.

මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත අගමැතිවරුන් අතරද පවතින්නේ දැඩි මතභේදාත්මක තත්වයක්.

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත අගමැති Mark McGowan ද එහිදී සිටින්නේ දැඩි ස්ථාවරයකයි.

ඒ අනුව අගමැති මොරිසන් සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති අතර ප්‍රාන්ත අගමැතිවරුන්ට තීරණයක් ගන්නැයි දන්වා තිබේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »