Aged care රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ටත් සතියකට පැය 20 සීමාව ඉවතට

Aged care ක්ෂේත්‍රයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කිරීමට දී ඇති අවසරය යළි දැනුම්දෙන තෙක් දීර්ග කර තිබේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ඇතිවී ඇති ශ්‍රම හිඟය නිසා ක්ෂේත්‍ර කිහිපයක ජාත්‍යන්තර සිසුන්ට සතියකට පැය 20 සීමාව ඉක්මවා රැකියා කිරීමට මධ්‍යම රජය අවසර දුන්නේය.

පහත ක්ෂේත්‍රවල රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට ද දෙසතියකට පැය 40 සීමාව ඉක්මවා රැකියා කළ හැකියි.

  • National Disability Insurance Scheme (NDIS) සැපයුම්කරුවෙකු යටතේ සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • සංචාරක හෝ hospitality ක්ෂේත්‍රවල සේවය කරන ජාත්‍යන්තර සිසුන්
  • හෙද වෘත්තීය ඉගෙන ගන්නා ජාත්‍යන්තර සිසුන්

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »