Breaking: පැරලිම්පික් ශ්‍රී ලංකා ක්‍රීඩකයාගෙන් හෙල්ල විසි කිරීමේ නව ලෝක වාර්තාවක්

ටෝකියෝ පැරලිම්පික් උළෙලෙදිී ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ F-46 ඉසව්වේදී මීටර් 67 යි දසම 7 යි 9 ක දුරකට හෙල්ලය විසි කරමින්.

මේවනවිට ලෝක ශ්‍රේණිගත කිරීම්වල සිව්වන ස්ථානයේ පසුවන දිනේෂ් ප්‍රියන්ත, 2016 රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි සහ සමිත දුලාන් සහභාගි වන එෆ් 44 කාණ්ඩයේ හෙල්ල විසි කිරීමේ ඉසව්ව මෙරට වේලාවෙන් අද පස්වරු 03 යි 30 ට ආරම්භ වනවා.

චමින්ද සම්පත් හෙට්ටිආරච්චි ඩුබායිහි පැවති ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී ලෝකඩ පදක්කම ද දිනා ගත්තා.

සමිත දුලාන් එම තරගාවලියේදී සිව්වන ස්ථානය දිනාගත් අතර ඔහු 2018 වසරේ ඉන්දුනීසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා උලෙලේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »