ඇඩිලේඩ් පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සිය දිවි හානිකරගනී

ඇඩිලේඩ් West Lakes හි නිවසකදි පියෙකු සිය පුත්‍රයා ඝාතනය කර ඔහුද සියදිවි හානිකරගෙන තිබේ.

අද පස්වරු 01 යි 30 ට පමණ පොලිසියට ලද තොරතුරකට අනුව විමර්ශන කණ්ඩායම් එහි ගොස් තිබිණ.

මෙලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 46 හැවිරිදි පුත්‍රයායි.

කුමන හේතුවක් මත මෙම සියදිවි නසා ගැනීම සහ ඝාතනය සිදුකර ඇතිදැයි මේ දක්වා අනාවරණ වී නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිතයි.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »