පොලිස් ස්ථානයකට පෙට්‍රල් බෝම්බ එල්ලකරන බව කියූ වික්ටෝරියා වාසියෙකු අත්අඩංගුවට

පොලිස් ස්ථානයකට දුරකථනයෙන් අමතා පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකරන බවට අනතුරු ඇගවීමක් කල වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

48 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගැණුනේ Basin හි පිහිටි ඔහුගේ නිවසේදීයි.

එළඹෙන සතියට යෙදී ඇති විරෝධතාවයකදී මෙම ප්‍රහාරය එල්ල කරන බවටයි ඔහු විසින් අනතුරු අගවා තිබුණේ.

මෙම තැනැත්තා ඇප මත මුදා හැර ඇති අතර යළිත් ලබන වසරේ පෙබරවාරි 07 වනදා අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුයි.

මෙම සිද්ධියත් සමග මෙල්බර්න් CBD වෙත නැවතත් මෙම සති අන්තයේදීත් උද්ඝෝෂකයන් පැමිණිය හැකි බවට පොලිසියට සැක මතුවී තිබේ.

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »