එන්නත ගෙන නැති රියදුරන්ට කුලී ගමන් නෑ – 13Cabs වෙතින් අලුත් නීතියක්

තමා ගමන් ගන්නා කුලී රථ රියදුරා කොවිඩ් එන්නත ලබාගෙන ඇතිද නොමැති අයෙකුද යන්න තෝරා ගැනීමට මගීන්ට අවස්ථාව දීමට 13Cabs ආයතනය සූදානම් වෙයි.

ඒ අනුව මාස කිහිපයක් තුළ තම සියලුම රියදුරන් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් කල හැකි වනු ඇතැයිද ඔවුන් දන්වා සිටී.

එමෙන්ම Call Centre හරහා කුලී රථයක් ඇණවුම් කිරීමේදීද එන්නත ලබාගත් රියදුරෙකු පමණක් තෝරා ගැනීමේ අවස්ථාවද මගීන්ට උදාවනු ඇත.

පාරිභෝගිකයන්ගේ ඉල්ලීම් සළකා බලා මෙම තීරණය ගත් බවයි 13Cabs ආයතනය නිවේදනය කලේ.

එන්නත නොමැති රියදුරන් හැකි ඉක්මණින් එන්නත ලබා ගැනීම සඳහා පොළඹවාලීමයි මෙහි මූලික අරමුණ වන්නේ.

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඇඩිලේඩ් දුම්රිය වෘත්තිය සමිති තීරණයක් ගනී

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ඇඩිලේඩ් දුම්රිය රියදුරු වෘත්තිය සමිති විසින් ආරම්භ කිරීමට නියමිතව තිබු වර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More »