එළඹෙන සැප්තැම්බර් 21 සිට නව කෘෂිකාර්මික වීසා බලපත්‍රයක් හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කර තිබේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගොවි, ධීවර හා වන ක්ෂේත්‍රයන්හි ඇති වූ ශ්‍රම හිඟය පියවීම මෙහි මූලික අරමුණ වී ඇත.
මෙම නව කෘෂිකාර්මික වීසා බලපත්‍රය පැසිෆික් සහ අග්නිදිග ආසියානු ශ්‍රමිකයින් වෙත ලබාදීමට තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ වන විට 30,000 ක පමණ ශ්‍රම හිඟයක් පවතින බව වාර්තා වේ.
මෙය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික ශ්‍රමය සඳහා වූ විශාලතම ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණය බව ඔස්ට්‍රේලියානු කෘෂිකාර්මික අමාත්‍ය David Littleproud පැවසීය.