ඩෙල්ටා ගැන ලංකාවෙන් තවත් අනාවරණයක්

ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් තවත් අනාවරණයක් සිදුකර තිබෙනවා.

එහි අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ ඩෙල්ටා ප්‍රභේදය ආසාධනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 05 ත් 06 ත් අතර කාලයක් ගතවන බවයි.

එනම් වෛරසය ආසාධනයවීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 02 ක් පමණ වනවා.

කෙසේවෙතත් ඩෙල්ටා වෛරසයට පෙර එම පරතරය පැවතියේ දිනයකටත් අඩු කාලයක් ලෙසයි.

මේ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෙකුගෙන් තවත් අයෙකුට එය වැළඳීමේදී පූර්ව රෝග ලක්ෂණ සමයේදී එය වැලඳීමේ ප්‍රතිශතය සියයට 74 ක් වැනි ඉහළ අගයක පවතිනවා.

එම වෛරස ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවද එය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් එන්නත්කරණයට ලක්වූවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීම එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට වඩා සියයට 65 කින් පමණ අඩු බවද අනාවරණ වී තිබෙනවා.

එනම් ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීමෙන් වැළකී සිටීමට එන්නත්කරණය ඉතා වැදගත් බවයි ආචාර්ය චන්දිම ජිීවන්දර වැඩිදුරටත් සඳහන් කලේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »