ඕක්ලන්ඩ් ආසාධිතයා පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් සිටයි

සමස්ත නවසීලන්තයම වසා දැමීමට හේතුවූ ඕක්ලන්ඩ් නුවරින් හමුවු කොවිඩ් ආසාධිතයා පැමිණ ඇත්තේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිට බව හෙළිවී ඇත.

නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් ඒ බව පැවසුවේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.

කෙසේවෙතත් Lockdown තත්වයක් තිබියදී මෙම පුද්ගලයා නිවු සවුත් වේල්ස් සිට නවසීලන්තයට පැමිණියේ කෙසේදැයි යන්න පිලිබඳ මේ වනවිට විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

නිවු සවුත් වේල්ස් සිට පැමිණ නිරෝධායනය වූ අය අතර පවා මෙම පුද්ගලයා නොසිටි බවටයි වාර්තා පළවී ඇත්තේ.

අද දිනයේදී නවසීලන්තයෙන් තවත් කොවිඩ් ආසාධිතයන් දෙදෙනෙකු හමුවී ඇති අතර ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන ගණන 07 දක්වා ඉහළ යයි.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »