Powerball jackpot ඩොලර් මිලියන 80 ක ජයමල්ල වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකුට

Powerball jackpot ලොතරැයියේ ඩොලර් මිලියන 80 ක ජයමල්ල දිනා ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත වාසියෙකු ඊයේ රාත්‍රියේ සමත් විය.

මෙය වික්ටෝරියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු විසින් දිනාගත් වැඩිම ත්‍යාග මුදල වන අතර ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ජය හිමිවූ 03 වන වැඩිම ත්‍යාග මුදලයි.

මෙවර ජයමල්ල වෙනත් කිසිදු අයෙකු අතරේ බෙදී ගොස් නොමැති අතර තනි ජයග්‍රාහකයෙකු පමණක් බිහිවී තිබීම විශේෂත්වයකි.

කෙසේවෙතත් ජයග්‍රාහකයා සම්බන්ධ කරගැනීමට ලොතරැයි සංවිධායකයන්ට ඊයේ රාත්‍රියේ හැකිවී තිබුණේ නැහැ.

එබැවින් වහා සිය ලොතරැයි පරීක්ෂා කරන ලෙසද වික්ටෝරියා ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »