Regional Victoria හි Lockdown තත්වය අද රාත්‍රී 12 සිට අවසන්

කිසිදු ආසාධිතයෙකු වාර්තා නොවීම හමුවේ  Regional Victoria හි Lockdown තත්වය සැළසුම් කල දිනයට පෙර ඉවත් කිරීමට තීරණය වී තිබේ.

ඒ අනුව අද රාත්‍රී 12 සිට එම ප්‍රදේශවල සංචරණ සීමා ඉවත් කරන බවයි ප්‍රාන්ත අගමැති Daniel Andrews නිවේදනය කලේ.

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම Lockdown කෙරුණේ මීට දින 04 කට පෙරයි.

මේ අනුව හෙට සිට Regional Victoria හි පාසල් නැවත විවෘත වන අතර සාමාන්‍ය ජන ජීවිතය නැවතත් ආරම්භ කල හැකි බව අගමැතිවරයා පැවසීය.

කෙසේවෙතත් නිවාස තුළ සාද පැවැත්වීම වැනි දෑ තවදුරටත් තහනම් වනවා.

එමෙන්ම ගෘහස්ථ සහ බාහිර කටයුතුවලදී මුහුණු ආවරණ භාවිතය තවදුරටත් අනිවාර්යයි.

වික්ටෝරියා සෙසු ප්‍රදේශවල තත්වය ඉවත් කිරීමට නියමිතව ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා දිනයේයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »