Lockdown හමුවේ වික්ටෝරියා වාසීන් වැඩිපුර බීමෙන් රෝහල්ගත කිරීම් ඉහළට

Lockdown තත්වය පැවතීම හමුවේ පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන් දහස් ගණනක් ආතතිය දුරු කර ගැනීමට අධිකව මත්පැන් භාවිතයට පෙළඹී ඇතැයි නවතම වාර්තාවක් හෙළි කරයි.

Ambulance Victoria විසින් නිකුත් කල නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.

ඒ අනුව ඇල්කොහොල් අධි භාවිතය හමුවේ ගිලන් රථ ගෙන්වා ගැනීම් සියයට 60 සිට 81 දක්වා ඉහළ ගොස් තිබේ.

මින් වැඩිම පිරිස වයස අවුරුදු 30 සීමාවේ සිටින කාන්තාවන් වන අතර ඔවුන් රෝහල්ගත කිරීම සියයට 45 කින් පමණ වැඩිවී ඇත.

පසුගිය වසරේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන් මත්පැන් සඳහා අමතරව වියදම් කර ඇති මුදල ඩොලර් මිලියන 15 ක් බවයි නවතම වාර්තාවල දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අමෙරිකානු තානාපතිනිය හමුවෙයි

සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් වයසටත් කලින් වයසට යන හේතුව හඳුනා ගැනෙයි

පවතින මූල්‍ය ආතතිය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් තම සමීපතමයින් සමග වාද විවාද ඇති කර ගැනීමේ ප්‍රවනතාවක් පවතින බව හෙළිව තිබෙනවා.

Read More »

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »