ගෙවල් හදනවා කියා මිලියන ගණන් වංචා කල අගමැති මොරිසන්ගේ ඥාති පුතාට වැඩ වරදී

නිවාස ඉදි කරන බවට සහ අලුත්වැඩියා කරන බවට මුදල් ලබාගෙන එම කටයුතු නොකර සිටීමෙන් වංචනික ක්‍රියාවල නිරත වූ බවට අගමැති ස්කොට් මොරිසන්ගේ ඥාති පුතාට​ චෝදනා එල්ල වී තිබේ.

Mitchell Cole නම් මොහුට එරෙහිව Parramatta Local Court හි නඩුවක් ද විභාග වන අතර චෝදනා 17 කට තමා වරදකරු බවට ඔහු විසින්ම පිළිගෙන තිබේ.

නිවාස අලුත්වැඩියා කටයුතු සඳහා මෙම තැනැත්තාට කිසිදු බලපත්‍රයක් තිබී නොමැති බවද අධිකරණය හමුවේ අනාවරණය විය.

ගණුදෙනුකරුවන්ගේ හිත දිනා ගැනීම සඳහා Mitchell Cole විසින් කර ඇති එක් උපක්‍රමයක් වන්නේ ඔහු සහ අගමැති මොරිසන් එකට ආහාර ගන්නා බව දැක්වෙන ඡායාරූප ඔවුන්ට පෙන්වීමයි.

Mitchell Cole ට එරෙහි දඩුවම නියම කිරීම ලබන මාසයේදී සිදු කෙරේ.

 

Pic – Nation

 

Source – https://9now.nine.com.au/a-current-affair/prime-minister-scott-morrisons-nephew-mitchell-cole-pleads-guilty-over-illegal-building-work/b4c4eace-b196-49f5-969a-c918a8b5dca1

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »

Hybrid කළ ධරම්ශාලා ක්‍රීඩාංගණය IPL ​සඳහා අද විවෘත වෙයි

ඉන්දියාවේ ධරම්ශාලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සිස්ග්‍රාස් තාක්ෂණය (SISGrass) භාවිත කරමින් දෙමුහුන් තණතීරුවක් (Hybrid pitches) සහිත ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කිරීමෙන් පසු එහි පැවැත්වෙන පළමු තරගය අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »