අවසන් තරගයේ වීරයා මාධ්‍යට හෙළිකළ රහස

දිගු ඉනිමක් ක්‍රීඩා කිරීමේ සැලසුමක් තමන් සතුව තිබූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පැවසීය.

ඊයේ පැවැති තරගයෙන් අනතුරුව මාධ්‍ය සාකච්ඡාවේදී අවිශ්ක ප්‍රනාන්දු පවසා සිටියේ සිය පිතිකරණයේ යම් යම් වෙනස්කම් කිහිපයක් සිදුකරමින් එම තරගයේදී ක්‍රීඩා කළ බවය.

ඉන්දීය – ශ්‍රී ලංකා අවසන් එක්දිත තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාව වෙතට හරවමින් තරගයේ වීරයා බවට පත්වීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දුට ඊයේ අවස්ථාව උදාවුණි.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“මං එංගලන්තයේදී බැට් කරපු විදියත් එක්ක පොඩි පොඩි දේවල් ටිකක් මං වෙනස් කර ගත්තා. ඒ දේ මට වාසියක් වුණා මේ තරගාවලියේදී. එංගලන්තයේදී මගේ ඉස්සරහා කකුල ඕෆ් එකට යන ගතියක් තිබ්බා. මම ඒක පොඩි ටෙක්නික් එකකින් හදාගත්තා. ඒ නිසා මේකෙදි ලොකුවට ලකුණු වලට යන්න පුළුවන් වුණා. මට අවශ්‍ය වෙලා තිබුණේ දිගු ඉනිමක් ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා සැලසුම් කරන්න. මේ තරගය මට ඒකට ලොකු අවස්ථාවක් වුණා.”

පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 07ක් පමණක් දැවී ලකුණු 227 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජයග්‍රහණය වාර්තා කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 76ක් සහ භානුක රාජපක්ෂ ලකුණු 65 ක් ලබා ගැනීමට සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙම වසරේ දෙවන එක්දින ක්‍රිකට් තරග ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණි.

ඉන්දියාව මෙම තරගාවලිය ජයග්‍රහණය කළද ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ ලද ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට අතිශයින් වැදගත් බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »

සිඩ්නිහි ප්‍රසිද්ධ නීතිඥවරයෙක් පොලිස් අත්අඩංගුවට

ලිංගික අපයෝජනයට ලක්වූ අයෙකුගේ විස්තර ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් සිඩ්නිහි අපරාධ නඩු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

සුනඛ සුරතලුන්ගේ හිමිකරුවන්ට නීති දැඩි වෙයි

සුනඛයන් සහ බළලුන් කළමනාකරණ පනතේ නව ප්‍රතිසංස්කරණ යටතේ දකුණු ඔස්ට්‍රේලියාවේ සුනඛ සපා කෑම් සහ ප්‍රහාර සඳහා වන දඩුවම් දැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »