අනුෂා දමයන්ති කල පැමිණිල්ල අනුව CID පරීක්ෂණ ඇරඹේ

වෙබ් අඩවියක සහ මුහුණු පොතේ පළවූ අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති විසින් ඉදිරිපත් කල පැමිණිල්ල සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඇය විසින් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එය වැටලීමට ගිය වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට රජයේ අමාත්‍යවරයෙකු විසින් පරුෂ වචනයෙන් බැණ වැදී ඇති බවට වන පුවතකුයි අදාළ වෙබ් අඩවියේ සහ මුහුණු පොතේ පළකර ඇත්තේ.

තමන් ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගෙන නොයන බවත් එම අසත්‍ය පුවත සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස ඉල්ලීමක් කරමින් රංගන ශිල්පිනි අනුෂා දමයන්ති විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

බලශක්ති බිල්පත් සහනය ගැන රජයට ප්‍රශ්නයක්

ෆෙඩරල් අයවැයෙන් ඊයේ ප්‍රකාශයට පත් කරනු ලැබූ බලශක්ති බිල්පත් සහනය එක් නිවසකට වඩා වැඩියෙන් ඇති පුද්ගලයන්ට ද අදාළ වන්නේ ද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »