ඔස්ටේ්‍රලියාවට ජගත් ජයක් – මහා බාධක කොරල් පරය අධි අවධානම් ලේඛනයට නෑ

ඔස්ටේ්‍රලියාවේ මහා බාධක කොරල් පරය අධි අවධානම් ලේඛනයට ඇතුළත් නොකරන බවට යුනෙස්කෝ සංවිධානය විසින් දැනුම් දී තිබේ.

ඒ පරිසර අමාත්‍ය Sussan Ley විසින් කල කරුණු දැක්වීම් සළකා බැලීමෙන් අනතුරුවයි.

කෙසේවෙතත් ලබන පෙබරවාරි වනවිට කොරල් පරය රැකගැනීමට ගෙන ඇති පියවර කවරේදැයි ඔස්ටේ්‍රලියාව විසින් වාර්තාවක් සැපයිය යුතු වනවා.

ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු ජලයේ උණුසුම ඉහළ යාම කොරල්පරයට දැඩි ලෙස හානි සිදුවීමට ප්‍රධාන හේතුව බව විද්‍යාඥයෝ පවසති.

යුනෙස්කෝව පවසන්නේ ඕස්ට්‍රේලියානු රජය කොතරම් උත්සාහ කළ ද කොරල්පරය සහිත ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ ප්‍රධාන ඉලක්ක සපුරා නොමැති බවයි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියානු රජය මෙම නිර්දේශයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසර 5 තුළ මහා බාධක කොරල්පරයේ පැහැය වෙනස් වී ඇති අතර බහුල වශයෙන් කොරල්පර මියගොස් ඇතැයි ද සඳහන් ය.

මහාබාධක කොරල්පරය යනු ඔස්ට්‍රේලියාවේ සංචාරක ආකර්ෂණය දිනු ප්‍රමුඛතම ස්ථානයකි.

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »

ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7ක් අත්අඩංගුවට

සිඩ්නි දේවස්ථානයක බිෂොප්වරයෙකුට පිහියෙන් ඇනීමේ සිද්ධියෙන් පසු පොලිසිය සිදු කළ ත්‍රස්ත මර්දන මෙහෙයුම යටතේ බාල වයස්කරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »