වික්ටෝරියා අගමැති කල ඉල්ලීමක් අගමැති මොරිසන් ඉවත දමයි

කොවිඩ් තත්වය පාලනය කිරීමේ අරමුණින් සිඩ්නි නගරය වටා ආරක්ෂක වළල්ලක් (“ring of steel”) යොදවන ලෙස වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews කල ඉල්ලීමක් අගමැති ස්කොට් මොරිසන් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඩෙල්ටා වෛරසය පාලනය කර ගැනීමට අද පැවති ජාතික කැබිනට් රැස්වීමේදී ප්‍රාන්ත අගමැතිවරයා අදාළ ඉල්ලීම කලේය.

එසේ නොවුණහොත් සමස්ත රටම වසා දැමීමට සිදුවනු ඇතැයි ඔහු පැවසීය.

එහෙත් එම ක්‍රියාව හරහා සිඩ්නි නගරය හුදකලා වනු ඇතැයි පෙන්වා දෙමින් අගමැති ස්කොට් මොරිසන් එම ඉල්ලීම ඉවත දමා තිබේ.

කොවිඩ් තත්වය පාලනයට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian සහතික වී ඇතැයිද අගමැතිවරයා කීය.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »