බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාරයෙහි තැන්පත් කෙරෙන රන් ආලේපිත බුද්ධ ප්‍රතිමා ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයට

ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර භූමියෙහි රෝපණය වන්නා  වූ  අති උතුම්  ජය ශ්‍රී  මහා බෝධි අංකුරය  වටා ඉදිවන, බෝධි ප්‍රාකාරයෙහි , සතර කොන්හි තැන්පත්  වීමට නියමිත රනින් ආලේපිත බුද්ධ ප්‍රතිමා වහන්සේලා අති  උතුම් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශීර්වාදයට ලක් කරවීම පසුගියදා සිදු කෙරුණි.
ලංකාවේ අති දක්ෂ නිර්මානකරුවන් විසින් විශේෂයෙන්ම නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේලා සියළු දෙවි දේවතාවුන් වහන්සේලාගේ  වන්දනාවට පාත්‍ර වීම  පිණිස ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ  වැඩ වසන උඩ  මළුව වෙත මහත් හරසරින් වැඩමවීමෙන් අනුතුරුව සර්ව රාත්‍රියක් පුරා  එහි  තැන්පත්  කරන්නට යෙදිනි.
නොබෝ දිනකින්ම  මෙම බුද්ධ ප්‍රතිමා වහන්සේලා, ඔස්ට්‍රේලියාවේ බෙන්ඩිගෝ බෝධි ධම්ම විහාර භූමියෙහිදී  සියලු  දෙනාටම වැද පුදා ගැනීමේ භාග්‍යය ලැබෙනු ඇත.

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු පිරිසකට ඇෆ්ගනිස්ථානයේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් 4ක් මියයයි

මධ්‍යම ඇෆ්ගනිස්ථානයේ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඔස්ට්‍රේලියානු සංචාරකයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වනවා.

Read More »

වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ලැයිස්තුවේ පළමු තැන සුපිරි පාපන්දු ශූරයෙකුට

ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැන යළිත් හිමි කර ගැනීමට සුපිරි පාපන්දු ශුරයෙකු වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත්වී තිබෙනවා.

Read More »

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »