Day: February 1, 2023

ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව වැටුප් සහිත නිවාඩු දීම අද සිට ඔස්ටේ්‍රලියාව පුරා

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළව වැටුප් සහිත නිවාඩු ලබාදීම අද සිට ඔස්ටේ්‍රලියාව පුරා බලාත්මක වනවා. මෙතෙක් එවැනි සිදුවීමක් හමුවේ නිවාඩු ගැනීමේදී වැටුප් ලබාදීමක් සිදුවූයේ නැහැ. පසුගිය අගෝස්තු මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වූ නීති අනුව මාස 12 ක කාලයක් තුළදී පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළව වැටුප් සහිත නිවාඩු දින 10 ක් සෑම ඔස්ටේ්‍රලියානු සේවකයෙකුටම හිමිවනු ඇති. පූර්ණ කාලීන – අර්ධ කාලීන සහ සේවකයන් යන සියල්ලන්ට එය බලාත්මකයි. බොහෝ සේවා ස්ථානවල අද සිට මෙම නීති ක්‍රියාත්මක වුවද

Read More »

MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක්

ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ සේවා සපයන ප්‍රධානතම මාර්ගය වන MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය වී තිබෙනවා. පසුගිය වසර 05 තුළදී MyGov ගිණුම් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී ඇති අතර දිනපතා මිලියන 1.4 ක පිරිසක් එය භාවිතයට ගන්නා බවටයි තහවුරු වී ඇත්තේ. දැනට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 25 කට වැඩි සංඛ්‍යාවකට MyGov ගිණුමක් ඇති අතර ඉන් සියයට 75 ක් පමණ පවසා තිබුණේ වැඩිදියුණු කිරීම් සිදුකල යුතු බවයි. නව සංශෝධන යටතේ ප්‍රාන්ත රජයන් විසින් සිදුකරන සේවා සියල්ල MyGov යටතට

Read More »