
ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් රජයේ සේවා සපයන ප්‍රධානතම මාර්ගය වන MyGov සඳහා ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට තීරණය වී තිබෙනවා.
පසුගිය වසර 05 තුළදී MyGov ගිණුම් සංඛ්‍යාව දෙගුණයකින් වැඩිවී ඇති අතර දිනපතා මිලියන 1.4 ක පිරිසක් එය භාවිතයට ගන්නා බවටයි තහවුරු වී ඇත්තේ.
දැනට ඔස්ටේ්‍රලියානුවන් අතුරින් මිලියන 25 කට වැඩි සංඛ්‍යාවකට MyGov ගිණුමක් ඇති අතර ඉන් සියයට 75 ක් පමණ පවසා තිබුණේ වැඩිදියුණු කිරීම් සිදුකල යුතු බවයි.

නව සංශෝධන යටතේ ප්‍රාන්ත රජයන් විසින් සිදුකරන සේවා සියල්ල MyGov යටතට පත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
පැවති ලිබරල් සන්ධාන රජය විසින් වාර්ෂිකව ඩොලර් මිලියන 100 ක මුදලක් MyGov සඳහා වෙන්කර තිබූ අතර වත්මන් රජය විසින් එය ඩොලර් මිලියන 138 දක්වා වැඩි කරනු ලැබුවා.
