
පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළව වැටුප් සහිත නිවාඩු ලබාදීම අද සිට ඔස්ටේ්‍රලියාව පුරා බලාත්මක වනවා.
මෙතෙක් එවැනි සිදුවීමක් හමුවේ නිවාඩු ගැනීමේදී වැටුප් ලබාදීමක් සිදුවූයේ නැහැ.
පසුගිය අගෝස්තු මාසයේදී ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වූ නීති අනුව මාස 12 ක කාලයක් තුළදී පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට අදාළව වැටුප් සහිත නිවාඩු දින 10 ක් සෑම ඔස්ටේ්‍රලියානු සේවකයෙකුටම හිමිවනු ඇති.

පූර්ණ කාලීන – අර්ධ කාලීන සහ සේවකයන් යන සියල්ලන්ට එය බලාත්මකයි.
බොහෝ සේවා ස්ථානවල අද සිට මෙම නීති ක්‍රියාත්මක වුවද කුඩා පරිමාණ ව්‍යාපාරික ස්ථාන සඳහා ඊට අනුගතවීමට තවත් මාස 06 ක කාලයක් හිමිවනවා.

වැටුප් පත්‍රිකාවේ මීට අදාල නිවාඩු සටහන් නොවීමද විශේෂත්වයක්.