Day: February 12, 2022

Australian bushfires

ලැව්ගිනි බලපෑම් එල්ල වූ ජනතාවට තවත් අමතර $ මිලියන 110 ක මූල්‍යාධාර

2019-20 කාලසීමාවේදී පැවති දරුණු ලැව්ගිනි හමුවේ බලපෑම් එල්ල වූ ජනතාවට තවත් අමතර ඩොලර් මිලියන 110 ක මූල්‍යාධාර සැපයීමට ෆෙඩරල් රජය සැළසුම් කර තිබෙනවා. ඒ අනුව ඔවුන්ට සපයන සමස්ත ආධාර මුදල ඩොලර් මිලියන 390 දක්වා ඉහළ යනු ඇති. බලපෑම් එල්ලවූ ප්‍රජාවන්ට නැවත නැගී සිටීම සඳහා මෙම මුදල් ඉවහල් වනු ඇති බවයි ආපදා කළමණාකරණ ඇමතිනී බ්‍රිජට් මැකෙන්සි සඳහන් කලේ. ජාතික ලැව්ගිනි අරමුදල යටතේ පවතින ඩොලර් බිලියන 2.2 ක මුදල්වලින් කොටසක් මේ සඳහා වෙන් කෙරෙන බවද ඇය කියාසිටියා.

Read More »

අතුරුදන්වූ 02 හැවිරිදි දැරියක සොයාගැනීමට වික්ටෝරියා පොලිසිය සහය පතයි

Glenroy ප්‍රදේශයේ View Street හිදී අතුරුදන්වූ 02 හැවිරිදි Aleyna නම් දැරිය සොයාගැනීම සඳහා වික්ටෝරියා පොලිසිය මහජන සහය පතනවා. ඇය අවසන් වරට දැක ඇත්තේ පසුගිය පෙබරවාරි 09 වනදායි. මැද පෙරදිග පෙනුමැති ඇය මව සමග සිටින බවටයි විශ්වාස කෙරෙන්නේ. Aleyna පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් (03) 9355 6001 අංකයෙන් Fawkner පොලිසිය අමතන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා.   https://www.police.vic.gov.au/concern-missing-2-year-old-aleyna?fbclid=IwAR2674vqh4F7mlrUEmyerQLucJj8ApSOdbzbEX09b2LhEf15AAxLZR5MjJA  

Read More »

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා 7,224 / NSW – 8,183

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7224 ක් හමුව ඇත. මරණ 19 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 55,102 කි. ඊයේ දිනයේදී (11) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 19,864 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 15,429 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1492257288144318466?s=20&t=-WbMuzQ6cjIGFBHIqZxuDg නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (11) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 8183 ක් වාර්තා වි තිබේ. දැනට 1650 දෙනෙකු

Read More »

$ මිලියන 70 ක මත්ද්‍රව්‍ය මෙල්බන් ගෙනා විශ්ව විද්‍යාල සිසුවෙකුට වසර 18 ක සිර දඩුවමක්

ඩොලර් මිලියන 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් නගරයට ගෙනඒමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුවෙකුට වසර 18 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා. ප්‍රංශ – කැනඩා පුරවැසිභාවය සහිත 27 හැවිරිදි සැකකරු 2020 වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැණුනේ මත්ද්‍රව්‍ය කිලෝ 154 ක් සතුව තිබියදීයි. ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ ඩොලර් 40,000 ක මුදලකට තමන් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කල බවයි. ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල සූක්ෂම විමර්ශනයකදී මොහු අත්අඩංගුවට ගනු

Read More »
SAHARA LASH

“සහරා ෆ්ලෑෂ්” ට ප්‍රහාරයක් එල්ල කල 06 දෙනෙකු අත්අඩංගුවට

රත්නපුර – නිවිතිගල මහජන ක්‍රීඩාංගනයේ පැවති සංගීත ප්‍රසංගයක දී සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. සංගීත ප්‍රසංගය නියමිත වේලාවට අවසන් කළ බවට චෝදනා කරමින් බීමතින් පැමිණි පිරිසක් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිසීය සඳහන් කළා. ප්‍රහාරයෙන් සංගීත කණ්ඩායම සතු දේපලවලට රුපියල් ලක්ෂ 14 ක පමණ අලාභයක් සිදුව තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Read More »