Search

$ මිලියන 70 ක මත්ද්‍රව්‍ය මෙල්බන් ගෙනා විශ්ව විද්‍යාල සිසුවෙකුට වසර 18 ක සිර දඩුවමක්

ඩොලර් මිලියන 70 ක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් නගරයට ගෙනඒමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුවෙකුට වසර 18 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

ප්‍රංශ – කැනඩා පුරවැසිභාවය සහිත 27 හැවිරිදි සැකකරු 2020 වසරේ පෙබරවාරි මාසයේදී අත්අඩංගුවට ගැණුනේ මත්ද්‍රව්‍ය කිලෝ 154 ක් සතුව තිබියදීයි.

ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ ඩොලර් 40,000 ක මුදලකට තමන් මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කල බවයි.

ඔස්ටේ්‍රලියානු දේශ සීමා ආරක්ෂණ නිළධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල සූක්ෂම විමර්ශනයකදී මොහු අත්අඩංගුවට ගනු ලැබුවා.

නියමිත සිර දඩුවම අවසානයේ මොහු පිටුවහල් කෙරෙනු ඇති.

https://www.9news.com.au/national/university-student-jailed-for-trying-to-bring-70m-worth-of-drugs-into-melbourne/e0dadc92-5531-467c-bebb-64d0b7dccb42

ව්‍යාජ රියදුරු බලපත්‍ර භාවිත කළොත් වසර 10 ක සිරදඩුවමක්

ඔස්ට්‍රේලියාව තුල ව්‍යාජ ලිපි ලේඛන භාවිතය වැඩි වී ඇති බව ප්‍රමුඛ පෙළේ නීතිඥයින් විසින් කරන ලද විශ්ලේෂණයකින් හෙළි වී තිබෙනවා. සෑම ප්‍රාන්තයකම “ව්‍යාජ හැඳුනුම්පත ”

Read More »

වික්ටෝරියා රජයෙන් ගොවීන්ට $ මිලියන 15.9 ක ආධාරයක්

දීර්ඝ කාලීන වියළි කාලගුණයකට මුහුණ දුන් ගොවීන් සඳහා වික්ටෝරියානු රජය ඩොලර් මිලියන 15.9 ක මූල්‍ය ආධාරයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම අරමුදල් මීට පෙර රජයේ

Read More »