Day: February 6, 2022

“දේශපාලනය මාරාන්තික ව්‍යාපාරයක්” : අගමැති මොරිසන්

දේශපාලනය යනු මාරාන්තික ව්‍යාපාරයක් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා. ඔහු මේ බව කියාසිටියේ තමන් බොරුකාරයෙකු යැයි උප අගමැති බාර්නබි ජොයිස් විසින් යවා තිබූ කෙටි පණිවුඩය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි. එම සිද්ධියට අදාළව තමා උප අගමැතිවරයාට පහසුවෙන් සමාව දුන් බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලා. දේශපාලනඥයන් යනු සාමාන්‍ය ජනතාව හා සමාන ජන කොට්ඨාශයක් බවයි ඔහු සඳහන් කලේ. මෙම කෙටි පණිවිඩ සිද්ධිය හමුවේ උප අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් බාර්නබි ජොයිස් ඊයේ දිනයේදී අගමැති මොරිසන් වෙත ලිපියක් යොමු කර තිබුණා.

Read More »
covid

ඊයේ ආසාධිතයන් : වික්ටෝරියා – 7,169 / NSW – 7,893

ග​තවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 7,169 ක් හමුව ඇත. මරණ 06 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 60,917 කි. ඊයේ දිනයේදී (05) වික්ටෝරියා ප්‍රාන්තය තුළ PCR කොරෝනා පරීක්ෂණ 20,624 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 19,401 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1490082749356462080?s=20&t=FTEJrY9u76qO-ToC0UQIAQ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (05) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 7,893 ක් වාර්තා වි තිබේ. දැනට 2,321 දෙනෙකු

Read More »

2022 මුල් දින 35 තුළ ඔස්ටේ්‍රලියාව කල Visa වෙනස්කම් සියල්ල එක තැනකින්

මෙම වසරේ මුල් දින 35 තුළදී ඔස්ටේ්‍රලියාව විසින් විවිධ වීසා කාණ්ඩ සඳහා හඳුන්වා දුන් වෙනස්කම් සියල්ල පහත දැක්වෙයි. 01. ජනවාරි පළමුවනදා සිට ස්විට්සර්ලන්තය Working Holiday Maker program සඳහා ඇතුළත් කරන ලදී. ඒ අනුව වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ස්විස් ජාතිකයන්ට Work and Holiday 462 උප කාණ්ඩය යටතේ මීට ඉල්ලුම් කල හැකිය. ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට වීසා ලබාගැනීමකින් තොරව ස්විට්සර්ලන්තයට යාමටද මෙම වසරේ සිට අවස්ථාව ලැබේ. 02. Working Holiday Makers (WHM) යටතේ සාමාන්‍යයෙන් එකම සේවා

Read More »

ඔස්ටේ්‍රලියා ක්‍රිකට් අලුත් Head Coach මෙන්න – පළමු අභියෝගය ලංකාවට එරෙහිවයි

ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර තිඛෙනවා. ඔහු මින් පෙර ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් කන්ඩායමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කලා. ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්විමෙන් පුරප්පාඩු වු ප්‍රධාන පුහුණුකාර ධුරය සදහායි ඇන්ඩෘෘ මැක්ඩොනල්ඩ් පත් කර ඇත්තේ. ඔහුගේ ප්‍රධාන පුහුණුකාරීත්වය යටතේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම මුහුණ දෙන පළමු තරගාවලිය වන්නේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහි විස්සයි විස්ස තරගමාලාව වීම විශේෂත්වයක්. තරග 05 කින් සමන්විත තරගාවලිය ලබන 11 වනදා ආරම්භ වීමට නියමිතයි.

Read More »

මෙවර ෆෙඩරල් මැතිවරණය සඳහා වාර්තාගත ඡන්ද දායකයන් පිරිසක්

මෙවර ෆෙඩරල් මැතිවරණය සඳහා වාර්තාගත ඡන්ද දායකයන් පිරිසක් ලියාපදිංචි වී තිබෙනවා. එය මිලියන 17 කට ආසන්න බවයි මැතිවරණ වාර්තා සඳහන් කලේ. මෙවර මැතිවරණ රාජකාරි සඳහා සේවකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් යොදවා ඇති අතර එය 2019 මැතිවරණයට වඩා 10,000 ක පමණ ඉහළයාමක්. මෙවර සේවක සංඛ්‍යාව වැඩි අගයක් ගෙන ඇත්තේ කොවිඩ් ආරක්ෂිතව ඡන්ද විමසීම පැවැත්වීමට අවශ්‍යවීම හේතුවෙනුයි. ඔස්ටේ්‍රලියානු මැතිවරණ කොමසාරිස්වරයාට අනුව මෙවර පැවැත්වෙන්නේ ඔස්ටේ්‍රලියානු ඉතිහාසයේ විශාලම මැතිවරණයයි. ඔස්ටේ්‍රලියානු නීතියට අනුව ෆෙඩරල් මැතිවරණය මැයි 21 වනදාට පෙර පැවැත්විය යුතු

Read More »