
දේශපාලනය යනු මාරාන්තික ව්‍යාපාරයක් බව අගමැති ස්කොට් මොරිසන් පවසනවා.
ඔහු මේ බව කියාසිටියේ තමන් බොරුකාරයෙකු යැයි උප අගමැති බාර්නබි ජොයිස් විසින් යවා තිබූ කෙටි පණිවුඩය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි.
එම සිද්ධියට අදාළව තමා උප අගමැතිවරයාට පහසුවෙන් සමාව දුන් බවද අගමැති මොරිසන් ප්‍රකාශ කලා.

දේශපාලනඥයන් යනු සාමාන්‍ය ජනතාව හා සමාන ජන කොට්ඨාශයක් බවයි ඔහු සඳහන් කලේ.
මෙම කෙටි පණිවිඩ සිද්ධිය හමුවේ උප අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙමින් බාර්නබි ජොයිස් ඊයේ දිනයේදී අගමැති මොරිසන් වෙත ලිපියක් යොමු කර තිබුණා.

කෙසේවෙතත් අගමැතිවරයා එය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.