
මෙම වසරේ මුල් දින 35 තුළදී ඔස්ටේ්‍රලියාව විසින් විවිධ වීසා කාණ්ඩ සඳහා හඳුන්වා දුන් වෙනස්කම් සියල්ල පහත දැක්වෙයි.
01. ජනවාරි පළමුවනදා සිට ස්විට්සර්ලන්තය Working Holiday Maker program සඳහා ඇතුළත් කරන ලදී.
ඒ අනුව වයස අවුරුදු 18 ත් 30 ත් අතර තරුණ ස්විස් ජාතිකයන්ට Work and Holiday 462 උප කාණ්ඩය යටතේ මීට ඉල්ලුම් කල හැකිය.

ඔස්ටේ්‍රලියානු පුරවැසියන්ට වීසා ලබාගැනීමකින් තොරව ස්විට්සර්ලන්තයට යාමටද මෙම වසරේ සිට අවස්ථාව ලැබේ.
02. Working Holiday Makers (WHM) යටතේ සාමාන්‍යයෙන් එකම සේවා යෝජකයෙකු යටතේ සේවය කල හැකි උපරිම කාලය මාස 06 කි.

එහෙත් පවතින සේවක හිගය හමුවේ මෙම වසර අවසානය දක්වාම එකම සේවා යෝජකයෙකු යටතේ සේවය කිරීමට අවසර ලබාදීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවසර දුන්නේය.
03. ශිෂ්‍ය වීසා සඳහා පෙරළිකාර වෙනස්කම් ගණනාවක් හඳුන්වාදුන්නේ පසුගිය ජනවාරි 19 වනදායි.
ඒ අනුව එදින සිට මාර්තු 19 වනදා දක්වා ශිෂ්‍ය වීසා මත ඔස්ටේ්‍රලියාවට පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට වීසා ගාස්තු නැවත ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.
ශිෂ්‍ය වීසා යටතේ රැකියාවල නිරතවිය හැකි පැය ගණනේ සීමාව තාවකාලිකව ඉවත් කිරීමටද රජය මෙදින කටයුතු කලේය.
මෙම නීති වෙනස්වීම ලබන අප්‍රේල් මාසයේදී නැවත සමාලෝචනය කෙරේ.
04. Temporary Graduate subclass 485 වීසා කාණ්ඩයට හඳුන්වාදුන් වෙනස්කම්
මෙම වීසා කාණ්ඩයේ බලපත් සහිත වීසා ලාභීන්ට ලබන 18 වනදා සිට බලාත්මක වන පරිදි සැප්තැම්බර් 30 වනදා දක්වා සිය වීසා බලපත්‍රය දීර්ඝ කරගැනීමට හැකිවෙයි.
එය ස්වයංක්‍රීයව සිදුවන අතර නැවත ඉල්ලුම් කිරීමක් අවශ්‍ය නොවේ.
COVID-19 Temporary Graduate (subclass 485) replacement stream visa – මෙම වීසා කාණ්ඩය සඳහා අයදුම්පත් භාර ගැනීම ජූලි 01 වනදා සිට ඇරඹේ. කොවිඩ් සංචරණ සීමා හමුවේ බලපෑම් එල්ලවු මෙම වීසා ලාභීන්ට ඔවුන්ගේ වීසා බලපතෙහි කාලය මෙමගින් දීර්ඝ කරගත හැකිය.
එමෙන්ම Masters සිට ඉහළට අධ්‍යයන පාඨමාලා හදාරන ලද සිසුන්ට ලබාගත හැකි Subclass 485 Graduate Work stream වීසා බලපත්‍රයේ කාලසීමාව වසර 02 සිට 03 දක්වා ඉහළ නංවන ලදී. අනෙකුත් අධ්‍යයන මට්ටම්වල සිසුන්ටද මෙතෙක් පැවති මාස 18 ක වීසා කාලය මාස 24 ක් දක්වා දීර්ඝ කෙරිණ.