Day: January 7, 2022

DILAN JAYASEKARA

ACS සම්මාන උළෙලේ Emerging ICT Professional සම්මානයට මෙවර ලාංකිකයෙකුත්

ACS හෙවත් Australian Computer Society විසින් මෙහෙයවන ACS Digital Disruptors Awards සම්මාන උළෙලේ Emerging ICT Professional of the Year සම්මානය සඳහා මෙවර ශ්‍රී ලාංකිකයෙකුත් නිර්දේශ වී තිබෙනවා. අවසාන වටය සඳහා තෝරා ගැණුනු 04 දෙනා අතරට ඔහුත් අයත්. ඩිලාන් කල්ප ජයසේකර පතිරණගේ නම් ඔහු සමග අප කල සංවාදයයි මේ. අපිට කියන්න ඔබ ඔස්ටේ්‍රලියාවට පැමිණි ආකාරය ශ්‍රී ලංකාවේදී මූලික අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු පළමු උපාධිය ලබාගත්තාට පස්සේ මම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිහිපයක නිරත වුණා. මම 2017 වසරේ

Read More »
SYDNEY

නිවු සවුත් වේල්ස් සඳහා යළි සීමා පැණවෙයිද ? තීන්දුව අද

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඔස්ටේ්‍රලියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොවිඩ් මර්දන රෙගුලාසි පැණවෙනු ඇති බවට වාර්තා පළවනවා. පසුගිය දින කිහිපය පුරා එම ප්‍රාන්තයෙන් ආසාධිතයන් 35,000 ඉක්මවා වාර්තා වුණා. ඉන් සැළකිය යුතු පිරිසක් ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ. මේ අනුව රාත්‍රී සමාජ ශාලා වැනි පුද්ගල ඒකරාශිවීම් සිදුවන ස්ථාන වසා දැමීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා. අවන්හල් සඳහා පැමිණෙන සංඛ්‍යා සීමා කිරීම වැනි සිමා කිහිපයක් පැණුවෙනු

Read More »

ලාංකික තරුණ ප්‍රජාවෙන් 1/4 ක් රට අතහැර යාමට කැමැත්තෙන්

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවෙන් 1/4 ක් පමණ රට අතහැර යාමට කැමැත්තෙන් සිටින බව අනාවරණ වී ඇතැයි මහා බ්‍රිතාන්‍යයේ පළවන ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය – උද්ධමනය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිවීම ඊට හේතුව බවයි. පසුගිය දිනවල විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට තිබූ දිගු පෝලිම් හරහා එම තත්වය පැහැදිලි වන බවද ගාඩියන් පුවත්පත සඳහන් කරනවා. විදේශ සංචිත සීඝ්‍රයෙන් අඩුවීමත් සමග මෙම වසරේදී ශ්‍රී ලංකාව බංකොළොත්වීමේ අවධානමකට

Read More »

ඊයේ වික්ටෝරියාවේ කොරෝනා ආසාදිතයින් 21,728ක්!

ගතවූ පැය 24 තුළ සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් ආසාදිතයින් 21,728 ක් හමුව ඇත. මරණ 6 ක් ද වාර්තා විය​. මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ සිටින සක්‍රිය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 69,680 කි. ඊයේ දිනයේදී (06) වික්ටෝරියා ප්‍රාන්තය තුළ කොරෝනා පරීක්ෂණ 68,202 ක් සිදුකර ඇති අතර කොරෝනා එන්නත් මාත්‍රා 20,726 ක් ලබා දී තිබේ. https://twitter.com/VicGovDH/status/1479214754593796097?s=20

Read More »

NSW ඊයේ ආසාදිතයින් 38,000 පසු කරද්දී නව කොරෝනා නීති පැනවීමට සූදානමක්!

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 38,625 ක් වාර්තා වි තිබේ. දැනට 1,738 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 134 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී. ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා විය​. පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 112,725 ක් සිදු කර ඇත. https://twitter.com/NSWHealth/status/1479211230900342785?s=20 මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතවීම් අඛණ්ඩව ඉහළ යන බැවින්, ප්‍රාන්ත රජය නැවත කොරෝනා නීති සීමාවන් පැනවීමට සූදානම් වන බව

Read More »