ලාංකික තරුණ ප්‍රජාවෙන් 1/4 ක් රට අතහැර යාමට කැමැත්තෙන්

ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාවෙන් 1/4 ක් පමණ රට අතහැර යාමට කැමැත්තෙන් සිටින බව අනාවරණ වී ඇතැයි මහා බ්‍රිතාන්‍යයේ පළවන ද ගාඩියන් පුවත්පත වාර්තා කරනවා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් පළකරමින් ඔවුන් පෙන්වා දෙන්නේ ආර්ථික අර්බුදය – උද්ධමනය සහ අනාගතය පිළිබඳ බලාපොරොත්තුවක් නොමැතිවීම ඊට හේතුව බවයි.

පසුගිය දිනවල විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට තිබූ දිගු පෝලිම් හරහා එම තත්වය පැහැදිලි වන බවද ගාඩියන් පුවත්පත සඳහන් කරනවා.

විදේශ සංචිත සීඝ්‍රයෙන් අඩුවීමත් සමග මෙම වසරේදී ශ්‍රී ලංකාව බංකොළොත්වීමේ අවධානමකට ලක්ව ඇති බවයි මෙහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ආහාර මිළ ගණන් සීඝ්‍රයෙන් ඉහළයාමත් ගෙවීමට ඇති අධික පොළියට ගත් ණයත් හමුවේ ශ්‍රී ලංකාවට අසීරු අවධියකට මුහුණදීමට සිදුව ඇති බවද ගාඩියන් පුවත්පත වැඩිදුරටත් සඳහන් කරනවා.

https://www.theguardian.com/world/2022/jan/02/covid-crisis-sri-lanka-bankruptcy-poverty-pandemic-food-prices

ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ වෙනසක්

පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

Read More »

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »