Search

NSW ඊයේ ආසාදිතයින් 38,000 පසු කරද්දී නව කොරෝනා නීති පැනවීමට සූදානමක්!

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඊයේ (06) දිනයේදී කොවිඩ් ආසාධිතයන් 38,625 ක් වාර්තා වි තිබේ.

දැනට 1,738 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ඉන් 134 දනෙකු දැඩි සත්කාර ඒකකවල (ICU) ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් කොවිඩ් මරණ 11 ක් වාර්තා විය​.

පසුගිය පැය 24 තුළදී COVID පරීක්ෂණ 112,725 ක් සිදු කර ඇත.

https://twitter.com/NSWHealth/status/1479211230900342785?s=20

මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල්ගතවීම් අඛණ්ඩව ඉහළ යන බැවින්, ප්‍රාන්ත රජය නැවත කොරෝනා නීති සීමාවන් පැනවීමට සූදානම් වන බව වාර්තා වේ.

Sydney Morning Herald වෙත කතා කළ රජයේ නිලධාරීන් පවසන පරිදි රාත්‍රී සමාජශාලා වසා දැමීමට, ගායන සහ නැටුම් තහනම් කිරීමට සහ ප්‍රධාන උත්සව පැවැත්වීම් නවතා දැමීමට තීරණය කරනු ඇතැයි වාර්තා වේ.

Hospitality ස්ථානවල මත්පැන් පානය කරන අතරතුර මිනිසුන් නැගී සිටීම අධෛර්යමත් කරනු ඇති අතර මුහුණු ආවරණ පැළඳීම​ අනිවාර්‍ය කෙරෙනු ඇති.

ප්‍රාන්ත අගමැති ඩොමිනික් පෙරෝටෙට්, අමාත්‍යවරුන් සහ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය කෙරී චැන්ට් අතර පැවති සාකච්ඡාවකින් පසුව මෙම තීරණ ගෙන ඇති බව වාර්තා වන අතර, ඒ පිළිබඳ විස්තර දැනට අවසන් වෙමින් පවතී.

Just In : දේශබන්දු රිමාන්ඩ්

අද (19) පෙරවරුවේ මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Read More »

හිටපු පොලිස්පති දේශබන්දු අධිකරණයට භාරවෙයි

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීට සුළු මොහොතකට පෙර මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා.

Read More »