නිවු සවුත් වේල්ස් සඳහා යළි සීමා පැණවෙයිද ? තීන්දුව අද

SYDNEY

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඔස්ටේ්‍රලියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොවිඩ් මර්දන රෙගුලාසි පැණවෙනු ඇති බවට වාර්තා පළවනවා.

පසුගිය දින කිහිපය පුරා එම ප්‍රාන්තයෙන් ආසාධිතයන් 35,000 ඉක්මවා වාර්තා වුණා.

ඉන් සැළකිය යුතු පිරිසක් ඔමික්‍රොන් වෛරස් ආසාධිතයන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මේ අනුව රාත්‍රී සමාජ ශාලා වැනි පුද්ගල ඒකරාශිවීම් සිදුවන ස්ථාන වසා දැමීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

අවන්හල් සඳහා පැමිණෙන සංඛ්‍යා සීමා කිරීම වැනි සිමා කිහිපයක් පැණුවෙනු ඇති බවටද වාර්තා පළවනවා.

අද රැස්වන ප්‍රාන්ත ආර්ථික කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමට නියමිතයි.

රෝහල් තදබදය අවම කරගැනීම මෙහි ප්‍රධාන අරමුණක් වනු ඇති.

මෙය ලොක්ඩවුන් කිරීමක් නොව සීමා පැණවීමක් පමණක් බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලා.

https://www.ndtv.com/world-news/australias-most-populous-state-to-reinstate-some-covid-19-curbs-report-2693818

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »

කැන්බරා සහ හෝබාට් හිදී 3399ක් නිරුවතින් පිහිනයි

කැන්බරාහි බර්ලි ග්‍රිෆින් විලෙහි වාර්ෂිකව සිදු කරනු ලබන ශීත සෘතු නිරුවත් පිහිනීම සඳහා මෙවර වාර්තාගත පුද්ගලයන් පිරිසක් එක්ව තිබෙනවා.

Read More »