Day: January 7, 2022

වික්ටෝරියා කුණාටු තත්වයෙන් වෙළඳ සංකීර්ණයක වහළය ගැලවී යයි

පොයින්ට් කුක් ප්‍රදේශයට බලපෑ කුණාටු සහිත කාළගුණ තත්වය හේතුවෙන් The Sanctuary Lakes Shopping Centre හි වහළය කඩා වැටී තිබෙනවා. එබැවින් එය තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. ඉදිරි පැය කිහිපය සඳහා වික්ටෝරියා කාළගුණ අංශ විසින් කුණාටු අනතුරු ඇගවීමක්ද නිකුත් කර තිබෙනවා. Bannockburn, Geelong,Werribee ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලකින් සිටිය යුතු බවටයි එහි දැක්වෙන්නේ. SOURCE: ⚠️ Detailed Severe Thunderstorm Warning for Greater #Melbourne updated. A VERY DANGEROUS STORM is heading for the western suburbs, while another severe

Read More »

“ටොයෝටා” ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම මෝටර් රථ වර්ගය වෙයි

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම අලෙවියක් සිදුවී ඇත්තේ ටොයොටා වර්ගයේ මෝටර් රථ බව හෙළිවී තිබෙනවා. 2021 දී මෙරටදී අලෙවි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 1,049,831 ක්. එය 2020 වසරට වඩා සියයට 14.5 ක අලෙවිය ඉහළයාමක්. ඉන් 223,642 ක්ම ටොයොටා වර්ගයේ මෝටර් රථ බව තහවුරු වී තිබෙනවා. එය සමස්ත මෝටර් රථ සංඛ්‍යාවෙන් 1/5 ක් පමණ වනවා. දෙවන ස්ථානයට පත්ව ඇත්තේ තවත් ජපන් නිෂ්පාදනයක් වන මැස්ඩා යි. එහි වාහන 101,119 ක් එනම් සමස්ත වාහන සංඛ්‍යාවෙන් සියයට 9.6 ක් අලෙවි වී තිබුණා.

Read More »

පළමුවරට ඔස්ටේ්‍රලියාවේ දෛනික ආසාධිතයන් 75,000 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවෙන් පළමුවරට දෛනික කොවිඩ් ආසාධිතයන් 75,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. ප්‍රාන්ත 07 කින් ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 78,160 ක්. නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 38,625 ක් / වික්ටෝරියා ප්‍රාන්තයෙන් 21,728 ක් සහ ක්වීන්ස්ලන්ඩ් 10,953 ක් ලෙස ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් වාර්තා වුණා. දකුණු ඔස්ටේ්‍රලියාවෙන් ආසාධිතයන් 3,707 ක් – ටස්මේනියාවෙන් 1,489 ක් සහ ACT ප්‍රාන්තයෙන් ආසාධිතයන් 1,246 ක් හඳුනාගැණුනා. Northern Territory ප්‍රාන්තයෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 412 ක්.

Read More »

අද රෑ සිට ලබන 27 දා දක්වා නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ නව රෙගුලාසි

කොවිඩ් ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමග නිවු සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ අද මධ්‍යම රාත්‍රියේ සිට ලබන 27 වනදා දක්වා නැවතත් කොවිඩ් මර්දන රෙගුලාසි පණවා තිබෙනවා. මේ අනුව hospitality ක්ෂේත්‍රයට සම්බන්ධ ස්ථානවල ගීත ගායනා කිරීම් සහ නර්තනයේ යෙදීම් තහනම් වනු ඇති. හදිසි සහ අත්‍යවශ්‍ය නොවන සැත්කම් පෙබරවාරි මැද භාගය දක්වා කල් දමා තිබෙනවා. රෝහල්වල ඇති තදබදය අවම කර ගැනීමයි එහි අරමුණ වන්නේ. ප්‍රාන්තය තුළ සංවිධාන කර ඇති විවිධ උත්සව අවස්ථා නිවු සවුත් වේල්ස් සෞඛ්‍ය අංශ

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාථමික පාසල්වල පළමු වාරය ආරම්භය කල් යන ළකුණු

අඛණ්ඩව දෙවන දිනයටත් පසුගිය පැය 24 තුළදීත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා. එලෙස සටහන්වූ ආසාධිතයන් ගණන 10,953 ක්. පවතින තත්වය හමුවේ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවිය හැකි බව ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියා. ඒ සම්බන්ධ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබෙනවා. මේ අතර නිවාස තුළ සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිඵල ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත හඳුන්වාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හෙට හඳුන්වාදීමට නියමිතව තිබෙනවා. ප්‍රාන්ත අගමැතිනිය ප්‍රාන්ත වාසීන්ගෙන්

Read More »