“ටොයෝටා” ඔස්ටේ්‍රලියාවේ ජනප්‍රියම මෝටර් රථ වර්ගය වෙයි

පසුගිය වසරේදී ඔස්ටේ්‍රලියාවේ වැඩිම අලෙවියක් සිදුවී ඇත්තේ ටොයොටා වර්ගයේ මෝටර් රථ බව හෙළිවී තිබෙනවා.

2021 දී මෙරටදී අලෙවි කර ඇති මුලු වාහන සංඛ්‍යාව 1,049,831 ක්.

එය 2020 වසරට වඩා සියයට 14.5 ක අලෙවිය ඉහළයාමක්.

ඉන් 223,642 ක්ම ටොයොටා වර්ගයේ මෝටර් රථ බව තහවුරු වී තිබෙනවා.

එය සමස්ත මෝටර් රථ සංඛ්‍යාවෙන් 1/5 ක් පමණ වනවා.

දෙවන ස්ථානයට පත්ව ඇත්තේ තවත් ජපන් නිෂ්පාදනයක් වන මැස්ඩා යි.

එහි වාහන 101,119 ක් එනම් සමස්ත වාහන සංඛ්‍යාවෙන් සියයට 9.6 ක් අලෙවි වී තිබුණා.

විද්‍යුත් වාහන සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබීමද විශේෂත්වයක්.

එහෙත් එහි ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 0.49 ක් ලෙසයි.

https://www.9news.com.au/national/top-selling-new-car-brands-vehicle-in-australia-2021-toyota-ranked-number-1/eeb86d04-8aa8-4ec5-adbe-f691c949d64f

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »