
අඛණ්ඩව දෙවන දිනයටත් පසුගිය පැය 24 තුළදීත් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාධිතයන් 10,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
එලෙස සටහන්වූ ආසාධිතයන් ගණන 10,953 ක්.
පවතින තත්වය හමුවේ ප්‍රාන්තයේ ප්‍රාථමික පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාදවිය හැකි බව ප්‍රාන්ත අගමැතිනිය කියාසිටියා.

ඒ සම්බන්ධ අවසන් තීරණය ඉදිරි දින කිහිපයේදී ගැනීමට නියමිතව තිබෙනවා.
මේ අතර නිවාස තුළ සිදුකරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රථිඵල ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය අංශ වෙත හඳුන්වාදීම සඳහා විශේෂ දුරකථන අංකයක් හෙට හඳුන්වාදීමට නියමිතව තිබෙනවා.

ප්‍රාන්ත අගමැතිනිය ප්‍රාන්ත වාසීන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම අවස්ථාවකදීම නිවසේ සිට රාජකාරි කරන ලෙසයි.