පළමුවරට ඔස්ටේ්‍රලියාවේ දෛනික ආසාධිතයන් 75,000 ඉක්මවයි

ඔස්ටේ්‍රලියාවෙන් පළමුවරට දෛනික කොවිඩ් ආසාධිතයන් 75,000 ඉක්මවා වාර්තා වී තිබෙනවා.

ප්‍රාන්ත 07 කින් ඊයේ වාර්තා වූ කොවිඩ් රෝගීන් ගණන 78,160 ක්.

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් 38,625 ක් / වික්ටෝරියා ප්‍රාන්තයෙන් 21,728 ක් සහ ක්වීන්ස්ලන්ඩ් 10,953 ක් ලෙස ගතවූ පැය 24 තුළදී ආසාධිතයන් වාර්තා වුණා.

දකුණු ඔස්ටේ්‍රලියාවෙන් ආසාධිතයන් 3,707 ක් – ටස්මේනියාවෙන් 1,489 ක් සහ ACT ප්‍රාන්තයෙන් ආසාධිතයන් 1,246 ක් හඳුනාගැණුනා.

Northern Territory ප්‍රාන්තයෙන් ඊයේ වාර්තාවූ කොවිඩ් රෝගීන් ගණන 412 ක්.

ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා සම්බන්ධ නවතම තත්වය මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ නව රැකියා 40,000ක් නිර්මාණය වීමත් සමඟ විරැකියා අනුපාතය සුළු වශයෙන් පහත වැටී ඇතැයි නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

වික්ටෝරියාව හොල්ලන අපරාධකරුවන් කණ්ඩායම ගැන කවුරුත් නොසිතූ දෙයක් හෙළිවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 20 දෙනා බාල වයස්කරුවන් පිරිසක් බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

Read More »